Gossips

දැඩි වර්ෂාවත් සමග ජලාශ රැසක් පිටාර මට්ටමට (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින දැඩි වර්ෂාපතනය සමග ජලාශ රැසක් පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා.
විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ කාසල්රී, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ යන ජලාශ මෙලෙස පිටාර මට්ටමට ආසන්න වී ඇති බවයි.
පවතින අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවධානමක් ද පවතිනවා.
මේ හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේ දී සැලකිලිමත් වන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
පවතින අධික වර්ෂාවත් සමග ඩෙවොන් දිය ඇල්ලේ ගලා බසින ජල ධාරිතාව මෙන්ම සැඩ පහර ඉහළගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
මේ අතර පවතින දැඩි වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇතැයි සඳහන්.


ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ