Gossips

දැඩි ආරක්ෂාවක් මැද පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් විභාගයට ගැනීම ඇරඹේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගැනීම මේ වනවිට ආරම්භකර තිබෙනවා.
අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගනු ලබනවා.
මේ අතර මෙම පෙත්සම් විභාගයට ගනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.