Gossips

දැඩි අවදානම් තත්වයක ජීවත් වන සිංහරාජයේ ගෝනුන්

ලොව ජෛව විවිධත්වය අතින් ඉහලම ස්ථානයක තිබෙන අපට පමනක් නොව මුළු මහත් ලෝකයටම වැදගත් සදාහරිත තෙත් වනාන්තරය ලෙස සැලකෙන සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගැවසෙන ගෝනුන් හා අනිකුත් සතුන් දඩයම් කිරීම දැන් වැඩිවී ඇතිබව වාර්තා වෙනවා.
විශේෂයෙන්ම සිංහරාජයට ආසන්නව පිහිටි ගම්මාන රැසක ජීවත් වන මිනිසුන් විසින් නීති විරෝධී අවි භාවිතා කරමින් මෙසේ සතුන් දඩයම් කිරීම දිවා රාත්‍රී කාලයේදී ජයටම කරගෙන යනු ලබයි වාර්තා වන්නේ.
සිංහරාජ වනාන්තර මායිමේ පිහිටා ඇති ගාල්ල නෙලුව ප්‍රදේශයේ මෙම සත්ව දඩයම දැනට සීග්‍රවශයෙන් කරගෙනු යනු ලබන බවට ගම්වාසීන් චෝදනා කරනු ලබයි.
මේ අතර දැනට සති කීපයකට පෙරත් පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ ගෝන මස් තොගයක් අත්අඩංගුවට ගැනීමට නෙලුව පොලීසිය සමත් වී තිබුනා. මෙලෙස සිදු කෙරෙන සතුන් දඩයම් කිරීම් නිසා අපේ රටට පමණක් ආවේණික වූ සතුන් විනාශ වී යාමේ අවදානමකට මුහුණදීමට සිදුවනු නියතය.
මෙම දඩයමෙහි තෝතැන්න වී තිබෙන්නේ නෙලුව ,කොස්මුල්ල, ගිගුරව, මාවිට, සිංහරාජ ආරන්‍ය සේනසන අවට ප්‍රදේශයයි.
ගම්මානයෙහි ජීවත් වන සියලු දෙනා තේ දළු ජීවිකාව කරගෙන ජීවත් වන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් විසින් සතුන් දඩයම් කිරීම කර මස් නෙලුව ප්‍රදේශයේ අලෙවි සැල් වෙත ප්‍රවාහනය කිරීම මෙන්ම ප්‍රදේශය අවට විකිනීම සිදු කරන බවයි වාර්ත වන්නේ. මෙවන් තත්වයක් යටතේ නෙලුව ප්‍රදේශයට නීතිය රැකිය හැකි වනජීවි නිලධාරීන් සහිත කාර්යාලයක අවශ්‍යතාව දැඩිව මතුව තිබේ..
සිංහරාජයේ වෙසෙන ගෝනුන් ඉතා දුර්ලභ සත්ව විශේෂයක් වන අතර මේ වනවිට එම ගෝනුන් ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ නිසි බලධාරීන් මේ පිළිබද අවදානය යොමුකල යුතුය.