දැනට අධිකරණ භාරයේ තිබෙන ඝාතනයට ලක්වූ ගල්ගමුව දළපූට්ටුවාගේ බවට සැළකෙන ඇත් දළ යුගලයේ සහ කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයෙන් සොයාගත් දළපුට්ටුවා හස්තියාගේ සිරුරේ ඩී.එන්.ඒ. සැසඳෙන බව රහස් පොලීසිය අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, මහව අතිරේක මහේස්ත්රාත් රසික මල්ලවාරච්චි හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පස්වන සැකකරු සමඟ භාරයට ගත් ත්රිරෝද රථය විකිණීම, අන්සතු කිරීම, වෙනස් කිරීම තහනම් කරමින් ලක්ෂ 15 ක බැඳුම්කරයක් මත නිදහස් කිරීමට අතිරේක මහේස්ත්රාත්වරයා නියෝග කළා.
යළි මෙම නඩුව ලබන දෙසැම්බර් මස 5 වනදා කැඳවීමට නියමිතයි.