Gossips

දළදා සමිඳුන් අභියස අධිෂ්ඨාන ප්‍රකාශයක්

නව ව්‍යවස්ථා සංශෝධනයට අදාල සියලූ ක්‍රියාමාර්ග අත්හිටුවිය යුතු බව පවසමින් මහා සංඝරත්නය, විද්වත් සංගම් සහ තවත් ජාතික සංවිධාන කිහිපයක් අද දළදා සමිඳුන් ඉදිරිපිට අධිෂ්ඨාන ප්‍රකාශයක් සිදුකළා.
ඔවුන් නව සංවිධානය නම් කර ඇත්තේ ජාතික සමතා බලවේගය නමින්.
දළදා සමිදුන්ගෙන් ආශිර්වාද ලබා ගනිමින් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් දළදා සමිදුන් ඉදිරියේ අදාල අධිෂ්ඨාන ප්‍රකාශය ඉදිරිපත් කළා.
අනතුරුව ජාතික සමතා බලවේගයේ නියෝජිතයින් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීම සඳහා පිටත්ව ගියා.
ඔවුන් මල්වතු මහා නාහිමිවරුන් බැහැදැකීම එම විහාර පාර්ශවයට පැමිණි අවස්ථාවේදී එහි ඇතුලූවීමට ආරක්ෂක නිළධාරින් ඉඩ ලබාදී නැහැ.
අනතුරුව ආරක්ෂක නිලධාරින් සමග වැඩිදුරටත් සාකච්ජා කිරීමෙන් පසු මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට පිරිසට අවස්ථාව හිමිවුණා.
අනතුරුව ජාතික සමතා බලවේගයේ නියෝජිතයින් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි හිරු වාර්තකරු සදහන් කළේ.