Gossips

දළදා මාලිගාව ඉදිරිපිට කැපූ කාණු කිහිපයක් යළි ගොඩ කරයි

දළදා මාලිගාව ඉදිරිපිටින් අපජලය ගෙන යාම සදහා නළ එලීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය කපා තිබූ කාණු කිහිපයක් ප්‍රදේශයේ බෞද්ධ සංවිධාන වල නියෝජිතයින් පිරිසකගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව යළි ගොඩකර තිබෙනවා.
ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් මාලිගාව ඉදිරිපිට ඇති වලාකුළු බැම්මට සහ අසල තිබෙන විශාල ගස්වලට ද හානි සිදුවිය හැකි බවයි.
ඊයේ රාත්‍රියේ මෙම වලවල් කපා ඇති අතර, අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි බෞද්ධ සංවිධාන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් එම කාණු ගොඩකළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.