තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හැටන් – කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් අදත් විරෝධතාවක නිරතවුණා.
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය අසළින් අවහිර කරමින් මොවුන් විරෝධතාවයේ නිරතවූ බවයි වාර්තාවන්නේ.
රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදෙන බව පවසා රුපියල් 700 ක මුදලක් පමණක් තමන්ට ලබාදීම පිළිගත නොහැකි බවයි කම්කරුවන් කියා සිටියේ.
