Gossips

දහසයේ හමුව සහ විස්ස ගැන, ඒකාබද්ධයේ පක්ෂ නායක සාකච්ඡාව අද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ, හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදීයි.
මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඇතුලූ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.
එහිදී පක්ෂයේ නව නිලධාරීන් මණ්ඩලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.