ඒකාබද්ධ විපක්ෂය ස්වාධීනවීමට තීරණය කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ස්වාධීන වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
මාතර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ වසර එකහමාරක් ඇතුළත පරිවර්තනයක් සිදු නොවුණහොත් රට අගාධයකට යන බවයි.
