Gossips

දහවල් 12.12 ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි – තවත් ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන අද (06) පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පසුව එය අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලට පැතිර යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
අද දින (06) දහවල් 12.12 ට අහුන්ගල්ල, ගනේගොඩ, කලුබෝවිටියාන, කැටවල, වලල්ගොඩ, සූරියවැවසහ ගල්කඩුව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතිනවා.