Gossips

දහම් පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

යටියන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි දහම් පාසල් සිසුන් පිරිසකට අද(03) උදෑසන බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ දහම් පාසල් සිසුන් 46 දෙනෙකු සහ තවත් 22 දෙදෙනෙකු ප්‍රතිකාර සදහා කරවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
බරපතල තත්ත්වයේ කිසිවෙකුත් නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.