රුපියල් දහඅට ලක්ෂ 86,000 ක වටිනාකමකින් යුත් රන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැලේසියාවේ – ක්වාලාලාම්පූර් සිට ඊයේ දිවයිනට පැමිණි මොහුගේ ගමන් මල්ලේ සහ ඇදුම් තුළ සගවා ගෙන ආ රන් කැබලි 9 ග්‍රෑම් 290 ක බරකින් යුක්ත බවයි රේගුව සදහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි ඉන්දියාවේ – තමිල්නාඩුවේ පදිංචි ඉන්දීය ජාතිකයෙක්.
