Gossips

දසසිල් මාතාවක් දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප නැහැ

43 හැවිරිදි දස සිල් මාතාවක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරියා සහ එම චීවරධාරියාගේ රියදුරා මේ මස 15 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එසේම එම දසසිල් මාතාවගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට සහ ඝාතනය කරන බවට සැකකාර රියදුරා දුරකතනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද වහාම විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙසයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ නියෝග කළේ.
මෙහිදී සැකකාර චීවරධාරියා සහ රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඉල්ලා සිටියේ ඕනෑම ඇප කොන්දේසියක් මත ඔවුන් මුදාහරින ලෙසයි.
එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුන් මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.