මෙරට ගුවන් තලය භාවිත කරන ජාත්‍යන්තර ගුවන් සේවාවන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානාවලින් අය කරනු ලබන ගාස්තු ඉහළ නැංවීම කෙරෙහි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක්ද පත්කර ඇති බවයි එම අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පති හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
ඒ අනුව ලබන මාසයේදී අදාළ සංශෝධන ඇතුළත් කැබිනට් පත්රිකාවක්ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
මෙරට ගුවන් තලය භාවිත කරන ගුවන් යානාවලින් එම ගුවන් යානයේ විශාලත්වය අනුව ඇමරිකානු ඩොලර් සියයේ සිට 250 දක්වා මුදලක් අය කෙරෙනවා.
එමඟින් වාර්ෂිකව උපයා ගන්නා මුදල ඇමරිකානු ඩොලර් මිලියන 13 කට ආසන්නයි.
එම මුදල දෙගුණ කිරීමෙන් ඩොලර් මිලියන 26 ක මුදලක් උපයා ගැනීමට හැකිවනු ඇති.
අදාළ ගාස්තු සංශෝධනයක් අවසන් වරට සිදුකර ඇත්තේ මීට වසර 34 කට පෙරයි.