දශකයකට පසු උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සහයෝගිතාව වර්ධනය කරමින් සංවිධානය වන විශේෂ සමුළුව ලබන මස අගදී පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
දෙරට අතර, දේශසීමා ප්රදේශයේදී එය පැවැත්වීමටයි දැනට එකග වී ඇත්තේ.
උතුරු කොරියානු නායක කිම් ජොන් අං ගේ චීන සංචාරය අතරතුර මෙම සමුළුවට දින නියම වීම විශේෂත්වයක්.
