Gossips

දවස් 11 න් හොඳම යාලුවා ඇතුළු ඝාතන 3 ක් සිදුකළ සැකකරු නුගේගොඩ ගහක් උඩින් ඇල්ලූ හැටි

දවස් 11 න් හොඳම යාලුවා ඇතුළු ඝාතන 3 ක් සිදුකළ සැකකරු නුගේගොඩ ගහක් උඩින් ඇල්ලූ හැටි
පසුගිය දිනවල කොළඹ ස්ථාන තුනකදී සිදුවූ ත්‍රිත්ව ඝාතනවලට සම්බන්ධ සැකකරු එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
සැකකරු විසින් අදාළ ඝාතනයන් මොරටුව එගොඩ උයන, නවගමුව සහ නුගේගොඩ ප්‍රදේශවලදී සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
දින 11 ක් ඇතුලත මෙම ඝාතනය ත්‍රිත්වය සිදුව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම උසාවිය පාරේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙක්.
ජනවාරි මස 24 වනදින සැකකරු විසින් ඝාතනය කළ බවට සැකකෙරෙන පළමු පුද්ගලගේ මළසිරුර හමුවූයේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ ලී මඩුවකින්.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහරගම නාවින්න ජනතා මාවතේ පදිංචි 51 හැවිරිදි ජයතිස්ස රත්නායක නමැති පුද්ගලයෙක්.
සැකකරු විසින් එම පුද්ගලයා ඝාතනය කර පසුව එම ලී මඩුවට දමා ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සැකකරු සහ ඝාතනයට ලක්වූ පුද්ගලයා අතර රන් භාණ්ඩ ගණුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුව ඇති බවයි.
පසුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෝටර් රථය කහතුඩුව ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පොලිසිය විසින් සොයාගත්තා.
අනතුරුව සැකකරු විසින් ඝාතනය කළ බවට සැකකෙරෙන දෙවැනි පුද්ගලයා ඔහුගේ හොඳම මිතුරෙකු බවයි තොරතුරු වාර්තා වන්නේ.
එහිදීද සැකකරු විසින් තම මිතුරා ඝාතනය කර පසුව ගිනිතබා ඇති බවටයි සැකපලකරන්නේ.
සැකකරු විසින් තමන් මියගිය බවට හැඟවීම සඳහා ඔහු සිය හැඳුනුම්පත්‍රය අදාළ මිතුරා අසල දමා මිතුරාගේ හැඳුනුම්පත රැගෙනගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ඝාතනය සිදුකර ඇත්තේ පසුගිය 29 වනදායි,
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි ඡායාරූප ශිල්පියෙක් වන ගනිදු මල්ෂාන් නමැති තරුණයෙක්.
පසුව සැකකරු පැමිණෙන්නේ සිය මවගේ මිතුරියක විසූ නුගේගොඩ පැලවත්ත පාරේ පිහිටි ඇයගේ නිවසටයි.
එහිදී ඇතිවූ යම් ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු විසින් එම නිවසේ හිමිකාරියට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
එම පහරදීමෙන් අදාළ නිවසේ මෙහෙකාර කාන්තාව බරපතළ තුවාල ලබා මියගියා.
මේ අතර පහරදීමෙන් තුවාල ලැබූ නිවෙස් හිමිකාර කාන්තාව තුවාළ රෝහල්ගතකර තිබෙනවා.
පසුව එම පුද්ගලයා පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරු ගසක් උද සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශන වලදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මිරිහාන පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.