Gossips

දරු තිදෙනෙකුගෙන් පිය සෙනෙහස උදුරාගත් දැවැන්තයා (ඡායාරූප)

අම්පාර, දමන, මරියකන්ද ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.
අදාල පුද්ගලයා ඊයේ (03) රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදි මෙලෙස වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බව සඳහන්.
අලියාගේ පහරදීමෙන් පසුව යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා ජලය නොතිබූ ඇලකට වැටී ඇති අතර එහිදී වන අලියාද ඇලට බැස පුද්ගලයාට තවදුරටත් පහර දී තිබෙනවා.
අලියාගේ පහරදීමෙන් බරපතල තත්වයේ පසුවූ තැනැත්තා තොට්ටම රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සදහා අම්පාර රෝහලට ඇතුලත්කර අතර එහිදි ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප – අම්පාර, වසන්ත චන්ද්‍රපාල