කුඩා දරුවන් තිදෙනෙකු නිවසේ තනිකර දමා ප්‍රදේශයෙන් පලා ගොස් සිටින මවක් අත්අඩංගුවට ගැනීමට වව්නියාව අධිකරණය නියෝග කර තිබෙනවා.
මාස 11ක් අවුරුදු 05 ක් සහ අවුරුදු 14 ක් වයසැති දරුවන් තිදෙනෙක් වව්නියාව, අවරන්තුලව, හැලඹවැව ප්‍රදේශයේ නිවසක තනිකර දමා අදාල මව මෙලෙස අතුරුදන්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
නිවසේ තනිව සිටි දරුවන් තිදෙනා ඊයේ (22) උළුක්කුලම් පොලිසිය විසින් සිය භාරයට ගැනීමෙන් අනතුරුව වව්නියාව අධිකරණය ඉදිරිපත්කර තිබෙනවා.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ එම දරුවන් තිදෙනා ළමාරක්ෂණ අධිකාරිය භාරයේ ඇති පරිවාස හා ළමා නිවාසයකට යොමු කරන ලෙසයි.
සැකකාර මව සොයා උළුක්කුලම් පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.
මෙම දරුවන් තිදෙනාගේ පියා මීට පෙර ඔවුන් අත්හැර ගොස් ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
