Gossips

දරුවෙකු සමඟ සිඟමනේ යෙදුණු කාන්තාවක් ළමාරක්ෂක අධිකාරිය භාරයට

කොළඹ ආගමික ස්ථානයක් අසළ දරුවෙකු සමඟ සිඟමනේ යෙදී සිටි කාන්තාවක් ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.
ලද පැමිණිල්ලකට අනුව භාරයට ගැනුනු මෙම කාන්තාව 33 වන වියේ පසුවන අතර, කුඩා දරුවාගේ වයස අවුරුදු දෙකහමාරක් බවයි ළමාරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා කියා සිටියේ.
මීට වසර කිහිපයකට පෙර ඇය රැකියාවක් සඳහා කොළඹට පැමිණ තිබෙනවා.
එහිදී හඳුනාගත් පුද්ගලයෙකු සමග ඇය සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, දරුවාගේ සැබෑ මව මෙම කාන්තාවද යන්න තහවුරු කරගැනීම සඳහා විමර්ශනයක් සිදුකරන බවයි සභාපතිනිය සඳහන් කළේ.
මෙවැනි සිදුවීම් වෙතොත් 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම්දෙන ලෙසට ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.