Gossips

දරුවෙකු පැහැර ගැනීමේ චෝදනාවට ලිදුල සභාපති ඇතුළු පිරිස යලි රිමාන්ඩ්

අවුරුදු 5 ක දැරියක් පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයෙකු ඇතුලූ හතරදෙනෙකු මේ මස 18 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමෝදක ජයසේකර හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සිය සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙස මොවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට පැමිණිලි පාර්ශවය විරෝධය පළ කරනු ලැබූ අතර ඒ අනුවයි සැකකරුවන් යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
එමෙන්ම පැහැර ගැනීමට ලක් වූ දැරිය අද දිනයේ පියාට බාරදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ඔරලෝසුව ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කර තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ධුරයට පත්වූ අශෝක සේපාල සහ නාගරික මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක ඇතුලූ හතරදෙනෙකු නුවරඑළිය පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 04 වනදායි.
2017 වසරේ ආගරපතන – පෝර්ට්මෝර් වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීම සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගැනුනා.