Gossips

දරුවෙකු පැහැරගත් බව පවසා කප්පම් ගැනීමට ගිය උත්සාහයක් වරදියි

කුඩා දරුවෙකු පැහැරගත් බවට පවසා විදෙස්ගතව සිටින දරුවාගේ පියාගෙන් කප්පම් ඉල්ලූ දරුවාගේ මව ඇතුළු 3 දෙනෙකු වව්නියාව පෙරියමඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර දරුවාගේ මව, ඇයගේ සොහොයුරෙක් සහ දරුවාගේ පියාගේ සොහොයුරෙක් වන බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් විදෙස්ගතව සිටින පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 35ක මුදලක් ඉල්ලා තිබෙනවා.
පසුගිය 6 වනදා සවස 8 හැවිරිදි දරුවා කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ලක්ෂ 35ක මුදලක් ඉල්ලා සිටින බවට මව විසින් පසුගිය 7 වනදා සවස පොලිසියට පැමිණිලි කර තිබුනා.
අදාළ ඇමතුම් ලැබුනු අංක පිළිබඳ පොලිසිය සිදු කළ පරීක්ෂණයකදීයි දරුවා ඕමන්ත ප්‍රදේශයේ නිවසක සගවා සිටියදී සොයා ගැනුනේ.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිවී ඇත්තේ දරුවාගේ මව ප්‍රදේශයේ බැංකු සහ මුල්‍ය ආයතන කිහිපයකට ගෙවීමට ඇති ණය සඳහා විදෙස්ගත සැමියාගෙන් මුදල් ලබාගැනීමට මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බවයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.