Gossips

දරුවෙකුට මරු කැඳවූ ත්‍රිරෝද රථ අනතුර

රක්වාන උක්වත්ත ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක ගැටීමෙන් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (14) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ රක්වාන ශාන්ත ජෝන් දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 8 හැවිරිදි දරුවෙක්.
දරුවා මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේ මේ අනතුර සිදුව ඇති අතර දරුවා ගැටුණු ත්‍රිරෝද රථය මාර්ගය මත පෙරලී ගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ත්‍රි රෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, අනතුර සිදුවන අකාරය ඒ අසල නිවසක සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.