මාස 6ක් වයසැති සිය දරුවා කරාපිටි ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහල් වැසිකිලියක් තුළට වී හෙරොයින් පානය කරමින් සිටි කාන්තාවකට ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්, අද තරයේ අවවාද කර, රුපියල් 5000ක දඩයක් නියම කළා.
මෙම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිටින අතර අදාළ දරුවාට නිව්මෝනියා රෝගය වැලදීම නිසා කොළඹ ජාතික රෝහලේ සිට කරාපිටිය ළදරු දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබෙනවා.
එහි මාතෘ නේවාසිකාගාරයේ මෙම මව නතර වී ඇති අතර, ඇයගේ හැසිරීම් රටාව පිළිබද සැක සිතී වෙනත් මව්වරුන් කිහිප දෙනෙකු රෝහල් බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුවයි මෙම කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
26 හැවිරිදි ඇය බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
