Gossips

දරුවා ගේන්න ගිය අම්මා හොරණදී ටිපර් රථයකට යටවී මරුට

බණ්ඩාරගම සිට හොරණ දෙසට ධාවනය වූ ටිපර් රථයකට යටවීමෙන් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි දෙදරු මවක් බවයි අනාවරණ වී ඇත්තේ.
ඇය සිය දරුවෙකු උපකාරක පන්තියකින් නැවත රැගෙන ඒමට සිය යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එහිදී ටිපර් රථය එම කාන්තාව ගමන්කළ යතුරු පැදිය පසුකර යාමට උත්සහ කළ අවස්ථාවේදීයි යතුරුපැදිය ටිපර් රථයේ බඳ කොටසේ ගැටී ඇති බවට සැකපලකරන්නේ.
පසුව එහි පසුපස රෝදයකට හසුවී බරපතළ තුවාල ලැබූ කාන්තාව එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
හොරණ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.