Gossips

දරුවන් සුරකිමු ජාතික වැඩසටහන හෙට කිලිනොච්චියේදී

දරුවන්ගේ මානසික සංවර්ධනයට, වඩා යහපත් පරිසරයක් ගොඩ නැගීම අරමුණු කර ගත් 'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව හෙට (18) කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
දරු පරපුර සුරක්ෂිත කොට සමාජයේ ආරක්ෂකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
මේ යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන, මනෝ උපදේශන සහ නීති උපදේශන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් බල ගැන්වීම සිදුකෙරෙනු ඇති.