දරුවන් උගත් පරපුරක් ලෙස ගොඩනැගීම සඳහා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් රජය අරඹා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (03) එක්වෙමින්.
ජනාධිපතිවරයා කියා සිටියේ උගතුන් වැඩිවීමත් සමඟ රටක ආර්ථික, සමාජයීය හා දේශපාලන ගැටළු රැසකට විසඳුම් ලැබෙන බවයි.
මේ අතර, අනුරාධපුර දීපානි මහා විද්‍යාලයේ ඉදිකළ නව තුන්මහල් පන්ති කාමර ගොඩනැගිල්ල අද (03) සිසු අයිතියට පත් කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින්.
එමෙන්ම, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් දාන ශාලාව හා දෙමහල් ශිෂ්‍ය කේන්ද්‍රීය මධ්‍යස්ථානය විවෘත කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා.
එසේම පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ අද (03) ජනතා අයිතියට පත් කෙරුණු සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාව 61 ක්.
