Gossips

දරුමුණුපුරන් අහිමි වැඩිහිටියන්ට දෙමව්පියන් අහිමි පුතුන් මුණගැස්වූ බුකිය කැළඹූ විවාහය (ඡායාරූප)

මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ සැරිසරණ අමුතුම ආකාරයේ විවාහ උත්සවයක ඡායාරූප පෙළක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එම විවාහ උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි මත්පැන් ආදිය නොමැති වීමත් සියලු ඡායරූප වල අසරණ වූ වැඩිහිටියන් සහ කුඩා දරුවන් පමණක් සිටීමයි.
මෙලෙස තම විවාහ උත්සවය අමුතුම ආකාරයකට සමරන්න තීරණය කරලා තියෙන්නේ මාතලේ පැත්තේ ඉන්න තරුණයෙක්.
වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙක් වන මාතලේ ගොඩාක් ප්‍රසිද්ධ ඔහු ගැන තොරතුරු අප තොරතුරු සොයා බැලුවා.
නමින් සංජීව අරුණසිරි වන මෙම තරුණයා අතිනත ගන්නා ආදරණීය බිරිඳගේ නම ගයාශානි.
ඔවුන් දෙදෙනාගේ විවාහය පැවැත්වුනේ පසුගිය අගෝස්තු මාසයේ 23 වැනිදා ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසයේදී.
වෙනස්ම විදියට සිදුකෙරෙන තම විවාහ උත්සවයට තවත් අමුත්තන් පිරිසක් එහි කැඳවාගන්න මෙම දෙපළ අමතක කළේ නෑ.
ඔවුන් එම අවස්ථාවට කවටයාමුණ ළමා නිවාසයේ ළමයින් ද එකතුකරගෙන තිබුනා.
එහිදී ඔවුන් වෙනුවෙන් ප්‍රියසම්භාෂනයක් පැවැත්වූ මොවුන් දරුමුනුපුරන්ගෙන් වෙන්ව සිටින ආදරණිය වැඩිහිටි දෙමව්පියන් හට දෙමව්පියන්ගේ ආදරය අහිමි පුතුන් මුණගස්වා සිය මංගල උත්සවය සැමරීම සිදුකළා.
සැමට ආදර්ශයක් වූ එම විවාහ උත්සවයේ ඡායාරූප සියල්ල පහතින්.