සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ අපවත් වී වදාළ අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මේ වන විට ගිහි – පැවිදි විශාල පිරිසක් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිනවා.
උන්වහන්සේගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක සිට සම්බෝධි විහාරස්ථානය වෙත රිය පෙරහරකින් වැඩම කරවනු ලැබුවේ ඊයේ (03) රාත්‍රියේයි.
එමෙන්ම පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද එක්ව සිටියා.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.
අවුරුදු 54ක් ආයු වළදා අපවත් වී වදාළ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය එළඹෙන 8 වන දා නිදහස් චතුරස්රයේදී රාජ්‍ය අනුග්‍රහ සහිතව සිදුකිරීමට නියමිතයි.