Gossips

දයාසිරි සමාව ඉල්ලයි

පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් පදක්කම්වල ගෞරවය තමාට අනවශ්‍ය බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
ඒ, එම අමත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තාෆා රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමින්.
මෙහිදී හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කළේ අභියෝගාත්මක අවස්ථාවක තමන් අමාත්‍ය ධුරය දැරූ බවයි.
එහිදී යම් අපහසුතාවයක් සිදුවූයේ නම් සමාව ඉල්ලන බව ද ඔහු කියා සිටියා.