Gossips

දයාසිරි මහ ලේකම් ධූරයට සුදුසු බව වෙල්ගම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සුදුසු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ඊයේ පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේ දී පැවති මෙම සාකච්ඡාවට පක්ෂ නායකයින් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ ද එක්වුණා.