පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර තවමත් 16යේ කණ්ඩායම නියෝජනය කරන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළා.
එමෙන්ම තමන් ඇතුළු 16යේ කණ්ඩායම තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වන බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.
පසුගිය දා පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක සහ දයාසිරි ජයසේකර සහභාගි වූයේ නැහැ.
එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා විදෙස්ගත වී සිටීම හේතුවෙන් මෙම රැස්වීමට සහභාගි නොවූ අතර ඔහු යළි ඊයේ දිනයේ දිවයිනට පැමිණියා.
හිරු ප්‍රවෘත්ති අංශය අද ඔහුගෙන් කළ විමසීමකදී කියා සිටියේ 16යේ කණ්ඩායම පෙර ස්ථාවරයේම පසුවන බවයි.
