Gossips

දයාසිරි ජයසේකර CIDයට

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් සිද්ධියට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇති බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට පසුගියදා කථාබහක් ඇතිවුණා.
කෙසේ වෙතත් පසුව ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මැතිවරණ සමයේ තමන්ට රුපියල් මිලියනයක චෙක්පතක් ලැබී ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරිමින් සිටින බවටද පසුගියදා ඇතැම් මාධ්‍ය වාර්තා ද පළවී තිබුණා.