Gossips

දඹ රන් බවට සැක කෙරෙන ප්‍රතිමාවක් පුත්තලමෙන් හමුවේ

පුත්තලම – රජවිගම ප්‍රදේශයේ ගෙවත්තක මිදුලේ තිබී දඹ රන් බවට සැක කෙරෙන ප්‍රතිමාවක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ප්‍රදේශයේ කුඩා දැරියකට හමුවී ඇති මෙම ප්‍රතිමාව මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවයි.
අඟල් 05 ක් පමණ උස එම ප්‍රතිමාව කිලෝග්‍රෑමයකට ආසන්න බරකින් යුක්ත බව පොලීසිය සඳහන් කළා.
ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමුකරන බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.