Gossips

දඹුල්ල ව්‍යාපාරිකයාගේ ඝාතකයන් ලබන 10 දක්වා රිමාන්ඩ්

දඹුල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අයි.එම්.එච්.බී. ඉලංගසිංහ හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
තම සේවාදායකයන් අත්අඩංගුවට ගත් ආකාරය නිවැරදි නොවන බවත් පොලීසිය මේ සම්බන්ධයෙන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවටත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
එහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නිතිඥයන් කියා සිටියේ දීර්ඝ කාලීන විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇස් අඳ භාවයට පත් වූ 46 හැවිරිදි මෙම කෝටිපති ව්‍යාපාරිකයා සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී හමුවූයේ 2016 වසරේ දෙසැම්බර් 31 වනදායි.
පසුව එය ඝාතනයක් බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ අතර, තම පුත්‍රයාගේ මරණය සැක සහිත බවට ව්‍යාපාරිකයාගේ මව කළ පැමිණිල්ලකට අනුවයි වැඩිදුර විමර්ශන ආරම්භ කෙරුණේ.
ඒ අනුව එම ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා පසුගිය 21 වනදා පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.