Gossips

දඹුල්ල රෝහලේ කලහ කළ හතරක් රිමාන්ඩ්

පිහිනුම් තටාකය ගිලී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකු රැගෙන දඹුල්ල රෝහලට පැමිණි පිරිසක් එහි සේවකයන්ට පහරදීම හේතුවෙන් ඊයේ (15) රාත්‍රියේ උණුසුම් තත්වයක් ඇති වුණා.
මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ දඹුල්ල – කලුන්දෑව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකට සහභාගී වූ මාතලේ විදුලිබල මණ්ඩල සේවකයින් පිරිසක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් උපන්දින සාදය පවත්වමින් සිටියදී එක් සේවකයෙකු පිහිණුම් තටාකයට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අදාළ හෝටලයේ කළමනාකරු කියා සිටියේ ඔවුන් මත්පැන් පානය කරමින් සිටි බවයි.
දියේ ගිලුණු පුද්ගලයා සාදයට සහභාගි වූ අනෙක් පිරිස විසින් දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එහි සිටි වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඒ සමඟ කෝපයට පත්වූ විදුලිබල සේවක පිරිස රෝහලේ සේවකයින්ට පහර දී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පහරදීම හේතුවෙන් තුවාල ලැබූ රෝහල් සේවකයින් 3 දෙනෙකු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 4 දෙනෙකු දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.