දඹුල්ල – පොහොරවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ සීගිරිය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු වන අතර ඔහු දඹුල්ල – පැල්වැහැර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.
පසුගිය 23 වනදා රාත්‍රි කුරුණෑගල ප්‍රදේශයේ උත්සවයකට සහභාගිවී නිවස බලායමින් සිටියදී මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ ගමන් ගත් මෝටර් රථය, කන්ටේනර් රථයක ගැටී සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පොලිස් සැරයන්වරයා ඊයේ දිනයේදී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ විශ්‍රාමික පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ ද පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.