පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රියරංජන කුමාර නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.
පසුගිය 17 වනදා රාත්‍රියේ සීගිරිය – කලාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සීගිරිය පොලීසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරන අවස්ථාවේ මෙම මන්ත්‍රීවරයා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ පොලීසිය තුලදීම මෙම පහරදීම සිදුකර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.