Gossips

දඹුල්ල ක්‍රීඩාංගනයේදී අශෝභන ලෙස හැසිරුණු 5 ක් අත්අඩංගුවට

දඹුල්ල ක්‍රීඩාංගණයේ ඊයේ පැවති එංගලන්ත – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හිටුවනු ලැබුවා.
වර්ෂාව ඇද හැලීමට පෙර පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩකයින් පන්දු වාර 15 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් රැස් කරගෙන සිටියා.
දෙරට අතර දෙවන එක්දින තරගය අනිද්දා දඹුල්ලේදීම පැවැත්වීමට නියමිතයි.
මේ අතර එංගලන්ත – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය පැවති දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අශෝභන ලෙස හැසිරුණු තරුණයන් පස්දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය සඳහන් කළේ.