Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැලකට ප්‍රහාරයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැලකට සහ එහි සිටි සේවකයින්ට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් පහර දුන් බවට චෝදනා එල්ල වනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අතර දඹුල්ල නාට්ටාමි සංගමයේ සභාපතිවරයා ද සිටිනවා.
ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් චෝදනා කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් මෙම පහරදීම සිදුකළ බවයි.
මේ අතර, තුවාල ලැබූවන්ගේ සුව දුක් විමසීම සඳහා මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද දඹුල්ල රෝහලට පැමිණියා.
මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියට ද පැමිණිල්ලක් සිදුකර ඇති අතර, සිද්ධිය පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.