Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම සදහා පැමිණි ව්‍යාපාරිකයින් ගොවීන් රැගෙන ආ එළවළු මිලදී නොගැනීම නිසා අද (10) උදෑසන එහි උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවුණා.
අප වාර්තාකරු සදහන් කළේ අද (10) සිට ක්‍රියාත්මක වන නව රථ වාහන සැලැස්මට විරෝධය පළ කරමින් ව්‍යාපාරිකයින් මෙලෙස එළවළු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ව්‍යාපාරිකයින් සිය රථවලට එළවළු පැටවීමේදී පොදු රථ ගාල භාවිත කළ යුතු බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත්, ව්‍යාපාරිකයින් අද දින එළවළු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා දුරබැහැර සිට එළවළු රැගෙන ආ ගොවීන් අසීරුතාවයට පත්වී සිටි බව ද සඳහන්.