Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට රිය අනතුරකින් සිවිල් ආරක්ෂක භටයෙකු ජීවිතක්ෂයට

දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් සිවිල් ආරක්ෂක භටයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවාඩු ලබා නිවසට යන අතරතුර බස් රථයක ගැටී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මුලතිව් සිට මහනුවර බලා ධාවනය වූ කැබිතිගොල්ලෑව ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්පිටිය සිවිල් ආරක්ෂක බලකා කදවුරට අනුයුක්තව සේවය කරන 32 හැවිරිදි මෙම සිවිල් ආරක්ෂක භටයා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.