Gossips

දඹුල්ලේ හාරලක්ෂයේ කොල්ලය ව්‍යාපාරිකයාගේම සැළසුමක් බව හෙළිවේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන අසළදී පසුගියදා සිදු වූ බවට වාර්තා වූ රුපියල් හාර ලක්ෂයේ මුදල් කොල්ලය එම ව්‍යාපාරිකයාගේම සැලැස්මක් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
ගලේවෙල දේවහූව ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා පසුගිය සතියේදී දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ පුද්ගලයෙකු තමන්ව පැහැරගෙන තියුණු ආයුධයකින් පහර දී රුපියල් ලක්ෂ 4ක මුදලක් කොල්ල කෑ බවටයි.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය විමර්ශණයක් ආරම්භ කළ අතර මෙම පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර එහි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලවා පරීක්ෂා කෙරුණා.
පිටස්තර පුද්ගලයෙකු සැකකරුගේ සිරුරට සහ අතට කැපුම් තුවාල සිදුකර නොමැති බවත් ඔහු විසින්ම ඒවා සිදුකරගෙන ඇති බවත් එහිදී අනාවරණය වුණා.
එසේම මෙහිදී කොල්ලයක් සිදුව නොමැති බවටද හෙලිවී තිබෙනවා.
මොහු කොළඹ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට ලොකු ළුෑණු අලෙවි කිරීමේ ව්‍යාපාරිකයක් පවත්වාගෙන ගොස් ඇති අතර අදාල රුපියල් ලක්ෂ 4 එම ව්‍යාපාරිකයින්ගෙන් ලබාගෙන ඇති බවටයි හෙලිවී ඇත්තේ.
එම මුදල් කොල්ලකෑමේ අරමුණින් මොහු මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.