Gossips

දඹුල්ලේ දී පොලීසියට මිරිස් කුඩු ප්‍රහාරයක්

දඹුල්ල – ඉනාමලූව ප්‍රදේශයේ වෙළඳසැලක පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට අද මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ දඹුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් 5 දෙනෙකුට මෙම මිරිස් කුඩු ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
අදාළ වෙළදසැල පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයා මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කොට පොලිස් නිලධාරීන්ට පහර දී මෝටර් රථයකින් පළා ගොස් ඇති බව සඳහන්.
මිරිස් කුඩු ප්‍රහාරයට ලක්වූ එම පොලිස් නිලධාරීන් 5 දෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.