තොග විශාල ලෙස ලැබීම හේතුවෙන් දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන්වල මිල සීග්‍රයෙන් පහත වැටී තිබෙනවා.
රුපියල් 100ත් 140ත් අතර මිලකට පැවති කිලෝවක තොග මිල මේ වන විට පවතින්නේ රුපියල් 40ත් 60ත් අතර ප්‍රමාණයක බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
මේ අතර, රුපියල් 250ත් 300ත් අතර පැවති ඇතැම් එළවළුවල තොග මිල මේ වන විට පවතින්නේ රුපියල් 150ක් පමණ මිලකටයි.