දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල ලෙස පහත වැටීම නිසා තමන් දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බව ගොවීන් පවසනවා.
ඊට හේතු වී ඇත්තේ එළවළු අස්වනු විශාල වශයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමයි.
වම්බටු, මෑ කරල්, පිපිඤ්ඤා, ගෝවා, වට්ටක්කා, දඹළ, කැකිරි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 10ත් 30ත් අතර පවතින බවයි ගොවින් පෙන්වා දෙන්නේ.