Gossips

දඹුල්ලේදී වෑන් රථයක් අධිබල ට්‍රාන්ස්ෆෝරමයක ගැටී 11 කට තුවාල

දඹුල්ල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල පාලම අසලදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධි බැලැති ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් එහි ගමන් ගත් 11 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ මෙම වෑන් රථයේ 12 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් වැලිමඩ – බොරලන්ද ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් බවයි.
විවාහ යෝජනාවක් සම්බන්ධ කටයුත්තක් සඳහා මෙම පිරිස වවුනියාව බලා ගමන් කරමින් සිට ඇති බව සඳහන්.
පොලීසිය ප්‍රකාශ කළේ වෑන් රථයේ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.