Gossips

දඹගල්ල – බූසලකන්දේ අනතුරකින් කාන්තාවක් මරුට

දඹගල්ල – මැදගම මාර්ගයේ බූසලකන්ද ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බූසලකන්ද සිට දඹගල්ල ප්‍රදේශයට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු මොණරාගල – සිරිගල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම අනතුරෙන් මිය ගිය කාන්තාව දඹගල්ල – උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තැනැත්තියක්