Gossips

දමිත් අසංකට ඇප

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මෙම නඩුව ලබන මස 13 වනදා යළි කැඳවීමටයි වැඩිදුරටත් නියෝග කෙරුනේ.
වැල්ලවායේ පිහිටි ​සිය නිවසේදී ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
දමිත් අසංක මෙසේ රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් ඔහුට ආදරය කළ ඔහුගේ රසිකයන් සමාජ ජාල වෙබ් අඩවියන් තුළ සිය කනගාටුව සඳහන් කරමින් සටහන් පළකර තිබුණා.
මේ අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වන කීර්ති පැස්කුවල්ද සිය කණගාටුව පලකරමින් ෆේස්බුක්හි සටහනක් තබා තිබුනා.
එම සටහන පහතින්
හිතවත් දමිත් අසංක මල්ලි…..
ගායක ගායිකා සංගමය වෙනුවෙන් අප ඔබට සිදුවී ඇති කරදරය පිලිබඳව බෙහෙවින් කණගාටු වෙනවා. ඔබ ගැන සොයා බලන්න මම වැල්ලවාය පොලිස් ස්ථාධිපති ටී.එම්.ජයරත්න මහතාට දුරකථනයෙන් කතා කරා. ඔබ අතින් සිදුවී ඇති වරද ඒ මහතා පැහැදිලි කලා. විශේෂයෙන් අවධාරනය කලේ ඔබ ලඟ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී නොමැති බවයි. නමුත් ඔබ අතින් සිදුවූ යම් වරදක් නිසා ඔක් මස 9දින දක්වා රිමාන්ඩ් භාරයේ පසුවීමට ඔබට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කරා. කමක් නෑ මල්ලි අපි කාටත් විවිධ හේතු නිසා වැරදීම් වෙනවා. ඒත් අපි ඒ වැරදි හදාගෙන ජීවිතයට මුහුන දෙන්න මේක පාඩමක් කරගනිමු. දමිත් මල්ලි ඔබ වෙනුවෙන් ඔයාට ආදරය කරන සුවහසක් රසික ජනතාව වගේම ගායක ගායිකා සංගමයත් ඉන්නවා. ඔයාගේ ජීවන රටාව අස්ථාවර නම් එය හරිමගට ගන්න අපේ පූර්න සහයෝගය දෙන බව මතක් කරමින් ඔබට තෙරැවන් සරණත් සියලු දෙවි රැකවරනයත් පතනවා.
කීර්ති පැස්කුවල්
ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමය.