Gossips

දමන ප්‍රදේශයේදී උක් වගා බිමක ගින්නකට හසුවීමෙන් පුද්ගලයෙකු මරුට

දමන – එරාගම ප්‍රදේශයේ උක් වගා බිමක ගින්නකට හසුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම උක් වගා බිම හෙළි පෙහෙලි කිරීම සඳහා මොහු ඊයේ පස්වරුවේ ගිනි තබා ඇති බව සඳහන්.
එහිදී පවතින වියලි කාලගුණ තතත්වයත් සමඟ ගින්න යාබදව පිහිටි උක් වගා බිමකටද පැතිරීමත් සමඟ එය නිවා දැමීමට යාමේදී ගින්නට හසුවී පිළිස්සී මොහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ 70 හැවිරිදි එරාගම අට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.