ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත්වුනේ දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම අතරයි.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 179ක් රැස්කළා.
එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ අශාන් ප්‍රියන්ජන පන්දු 41 කට මුහුණදී ලකුණු 57 ක් රැස්කළා.
ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුලත්.
සදීර සමරවික්‍රම ලකුණු 48 ක් රැස්කරගත්තා.
පන්දු යැවීමේදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ගාල්ල කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සියල්ල නැවත හරවා යවමින් එම ඉනිම සුනු විසුනු කර දැමීමට දනුෂ්ක ගුණතිලක සමත් වුනා.
සුපිරි පන්දු යැවීමක නිරත වූ ඔහු පන්දුවාර 4 ක් යොමුකරමින් ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගත්තා.
අගනා පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග පන්දු වාර 3 යි පන්දු 5 කදී ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගත්තා.
අවසානයේ පන්දුවාර 17යි පන්දු 5 කදී ගාලු කණ්ඩායමේ සියල්ලන් දැවී රැස්කරගත්තේ ලකුණු 84 ක් පමණයි.
එම තරඟයේ දර්ශන පහතින්.
